ඉනට  වත                  නැති
කුසට බත                  නැති
සෙවනකුදු                 නැති
අය බොහෝ             වෙති
නෙතට නිදි                නැති
ලෙඩට ඔසු                නැති
හිතට සැප                  නැති
අය බොහෝ             වෙති
වෙසක්                එලබෙන
විට ඔවුන්                   ගැන
සොයන                  විමසන
පිරිස                    අඩු නැති
වෙසක්                   පසු වුන
පසු ඔවුන්                    ගැන
සොයන                   විමසන
කිසිවකුදු                     නැති
එය හොදින්                  දැන
උනට හැම                     දින
සෙත-සැපත                දෙන
අය නිවන්                    යති
මා ඉතා ප්රිය කරන මාහට බොහෝ උදව් කල සිරිල් මෑතිදුන්ගේ සිරිපොද පොතෙන් උපුට ගන්නා ලදි.............බොහොම අපුරුවට සමාජ යාතාර්තය කවියෙන් පෙන්නන ආකාරය ඉතා සිත් ගන්නා සුලු නොවේද................................
සමාජය හරිහැටි තේරුම් ගන්නට නම්. තාප්ප බැමිවලින් වැලලුන සමාජයේ ඇත්ත තත්වය අපේ ඇසින්ම දැකිය යුතුමයි. සැප විදින මිනිසුන් කොපමණ සිටියත් අසරණකමින් වුවද තැලීපෙලී සිටින මිනිසුන්ට පිහිට ලැබෙන්නේ කොතරම් අහම්බෙන්ද? අපේ ජීවිතය ගැන සිතනවා මෙන්ම අන් අය ගැන සිතන්නටද අපිට හැකි වුවහොත් එය අන් හැම දේකටම පවා වටිනවා ඇත. මෙවන් කවි පෙලවල් අප හදවතට සමීපකරන ඔබට ජය.....
ReplyDeleteතෙරුවන්සරණයි.
(පොස්ට්වල අකුරු පුළුවන්නම් ටිකක් ලොකු කරන්න.)
ස්තුතියි මිතුර අදහස් දැක්විම පිලිබදව. ඉ ගාව ලිපියෙන් අකුරු හදා ගන්නම්.......
ReplyDeleteවෙසක් පසු වුන
ReplyDeleteපසු ඔවුන් ගැන
සොයන විමසන
කිසිවකුදු නැති
එච්චර විතරක් නෙවෙයි. වෙසක් දවසටත් සමහරවිට මොනව හරි නොලැබෙන අය කොයිතරන්ද? මෙන්න මේක කියවල බලන්නකෝ.
http://menik-p.blogspot.com/2011/05/blog-post_26.html
මැණික්
වෙසක් නොගෙන
ReplyDeleteවෙසක් විඳින
දවසක් එයිදෝ
කෙදිනක ?