Thursday, September 15, 2011

නිවන් යන අය

ඉනට  වත                  නැති
කුසට බත                  නැති
සෙවනකුදු                 නැති
අය බොහෝ             වෙති

නෙතට නිදි                නැති
ලෙඩට ඔසු                නැති
හිතට සැප                  නැති
අය බොහෝ             වෙති

වෙසක්                එලබෙන
විට ඔවුන්                   ගැන
සොයන                  විමසන
පිරිස                    අඩු නැති


වෙසක්                   පසු වුන
පසු ඔවුන්                    ගැන
සොයන                   විමසන
කිසිවකුදු                     නැති

එය හොදින්                  දැන
උනට හැම                     දින
සෙත-සැපත                දෙන
අය නිවන්                    යති


මා ඉතා ප්‍රිය කරන මාහට බොහෝ උදව් කල සිරිල් මෑතිදුන්ගේ සිරිපොද පොතෙන් උපුට ගන්නා ලදි.............බොහොම අපුරුවට සමාජ යාතාර්තය කවියෙන් පෙන්නන ආකාරය ඉතා සිත් ගන්නා සුලු නොවේද................................

Saturday, September 10, 2011

මිනිස්සු

රාගයෙන්                                     ඈවිස්සු
ද්වේශයෙන්                            කෙලෙස්සු
මෝහයෙන්                                  විලිස්සු
අපි තමා                                       මිනිස්සු


දෙස ‍රැකෙනු                              නොරිස්සු
බස දිලෙනු                                 නොරිස්සු
‍රැස නැගෙනු                               නොරිස්සු
අපි තමා                                       මිනිස්සු

නිති දියුනු                                   සැලැස්සු
දරු පෙමින්                                 සැනැස්සු
දෙගුරුන්ව                                  කෙනිස්සු
අපි තම                                         මිනිස්සු

ගුරුකුලය                                      පිලිස්සු
පති කුලය                                  නොරිස්සු              
කුලමලය                                       ඈවිස්සු
අපි තමා                                        මිනිස්සු

තුනුරුවන                                   නොරිස්සු
තුන් ලොවම                                 හිනැස්සු
වෑනි කොටිද                                   වලස්සු
අපි තමා                                         මිනිස්සු

මා ඉතා ප්‍රිය කරන සිරිල් මෑතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටා ගන්නා ලදි.

සිතට දුක                                        ඇතිකල
සිතට     සතුටක්                             වන් කල
පාලුව                                       දැනෙන කල
කවිය සිහියට නැගෙයි                    හැම කල

Friday, September 9, 2011

හදවත පත්ලෙන් හිනානොවෙන්නො

සිංහල දැන ගත්තත් නොම  දන්නො
ව්ලසින් සිංහලයට            ගරහන්න
නිති පර සිරිතම අගය      කරන්නො
හදවත පත්ලෙන් සිනා  නොවන්නො




සුව බර වහනවල              යන -එන්නො
දෙපයින් යන්නන් දෙක හිනෙහෙන්නො
ආදරයේ හර ගතිය             නොදන්නො
හදවත පත්ලෙන් සිනා        නොවන්නො




සැප පිරි යහනාවල          සැතපෙන්නො
බිම නිදනා අය ගැන       නොතකන්නො
තනිවම කා බි හැඩ වැඩ            වන්නො
හදවත පත්ලෙන් හිනා     නොවෙන්නො




පන්සලේ පල්ලියෙ නිතර        ‍රැදෙන්නො
‍රැදෙමින් නම ගන්නට          දන් දෙන්නො
ගෙට ආදුගියා එලවා                     ගන්නො
හදවත පත්ලෙන් හිනා            නොවන්නො




අග හිග වනව්ට බඩු          හන්ගන්නො
හැංගු බඩු ගිනි ගනනට           දෙන්නො
ජනතා රුදිරය සුරා               බොන්නො
හදවත පත්ලෙන් සිනා       නොවන්නො




නැගුනු හිනිමගට පයින්    අනින්නො
අනුනගෙ පානෙන් එලිය   බලන්නො
වැ‍ටුනු එකාගෙම පිටට      අනින්නො
හදවත පත්ලෙන් සිනා    නොවන්නො




මාහට බෙහෙවින් උපකාර කල සිරිල් මැතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටාගන්නලදි,
මෙය මගේ පලමු පොස්ට් එක,අඩු පාඩු  හදාගෙන ඉදිරියෙදි ලිවිමට බලපොරොත්තුවෙමි,


මාරයා  අයියට,දිල්ට,මැනික්ට,මට බොහෝ උදව් කල චතුරංග සොයුරාට  ස්තුතියි.