Friday, September 9, 2011

හදවත පත්ලෙන් හිනානොවෙන්නො

සිංහල දැන ගත්තත් නොම  දන්නො
ව්ලසින් සිංහලයට            ගරහන්න
නිති පර සිරිතම අගය      කරන්නො
හදවත පත්ලෙන් සිනා  නොවන්නො




සුව බර වහනවල              යන -එන්නො
දෙපයින් යන්නන් දෙක හිනෙහෙන්නො
ආදරයේ හර ගතිය             නොදන්නො
හදවත පත්ලෙන් සිනා        නොවන්නො




සැප පිරි යහනාවල          සැතපෙන්නො
බිම නිදනා අය ගැන       නොතකන්නො
තනිවම කා බි හැඩ වැඩ            වන්නො
හදවත පත්ලෙන් හිනා     නොවෙන්නො




පන්සලේ පල්ලියෙ නිතර        ‍රැදෙන්නො
‍රැදෙමින් නම ගන්නට          දන් දෙන්නො
ගෙට ආදුගියා එලවා                     ගන්නො
හදවත පත්ලෙන් හිනා            නොවන්නො




අග හිග වනව්ට බඩු          හන්ගන්නො
හැංගු බඩු ගිනි ගනනට           දෙන්නො
ජනතා රුදිරය සුරා               බොන්නො
හදවත පත්ලෙන් සිනා       නොවන්නො




නැගුනු හිනිමගට පයින්    අනින්නො
අනුනගෙ පානෙන් එලිය   බලන්නො
වැ‍ටුනු එකාගෙම පිටට      අනින්නො
හදවත පත්ලෙන් සිනා    නොවන්නො




මාහට බෙහෙවින් උපකාර කල සිරිල් මැතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටාගන්නලදි,
මෙය මගේ පලමු පොස්ට් එක,අඩු පාඩු  හදාගෙන ඉදිරියෙදි ලිවිමට බලපොරොත්තුවෙමි,


මාරයා  අයියට,දිල්ට,මැනික්ට,මට බොහෝ උදව් කල චතුරංග සොයුරාට  ස්තුතියි.

9 comments:

  1. hey, good start brother... keep it up...

    ReplyDelete
  2. නලින්දගෙ ආරම්භය.... මට හුඟාක් සතුටුයි... ජීවිතේ අපිට දෙන දේවලට වැඩිය නොදෙන දේවල් වැඩීයි නලින්ද... ඔයා ...මම වගේ ජීවිතේ වැටෙන්න වැටෙන්න ආයෙම නැඟිටින්න උත්සාහ කරන අය ඕනෑ තරම් මේ ලෝකයේ ඇති...අපි ජීවිතේ අත් හරින්නෙ නැතිව නැඟිටින්න උත්සාහ කරන වග අනිත් අය දකිද්දි..ඒ අයත් තමන්ගෙ වැටුන ජීවිත ආයේම නැඟිට්ටවාවි..... මම නලින්දගේ ජීවිත කතාව කියවන්න කැමතියි...හැකිනම් ලියන්න.... අපි බ්ලොග් අඩවි ඔස්සෙ දැන හඳුනාගෙන..ඇස්වලින් නොදැක උනත් දළුළන සහෝදරකම් මැද ඉන්න අය...අපි ඔක්කොම ඔයා එක්ක .....ජය වේවා !

    ReplyDelete
  3. පුළුවන්නම් word verification එක අයින් කරන්න... මම හිතන විදියට comment setting වලින් ඒක කරන්න පුළුවන්.ඒක ඔයාට අදහස් දක්වන අයට පහසුවක්

    ReplyDelete
  4. ඔව් මන් ලියන්න උත්සහ කරනවා දිල් එගෙනත් පුලුවන් විදියට,බොහොම ස්තුතියි කමෙන්ට් කලාට.

    ReplyDelete
  5. ගොඩක් සතු‍ටුයි සොහොයුර ලිවීම පටන් ගත්තාට. දිගටම ලියන්න. ඔබට ජය!!!
    මැණික්

    ReplyDelete
  6. සුභ පැතුම්..එහෙමනං කරගෙන යමු...
    ඔන්න මං මගේ බ්ලොග් රෝලටත් දැම්මා...

    ReplyDelete
  7. ඔන්න කොක්කක් දාගත්තා. දිගටම ලියන්න අපි එන්නම් බලන්න.

    ReplyDelete
  8. අය්යා ඔයාගෙ බ්ලොග් එක හරිම ලස්සනයි.දිගටම ලියන්න...ජය වේවා!!

    ReplyDelete