Thursday, September 15, 2011

නිවන් යන අය

ඉනට  වත                  නැති
කුසට බත                  නැති
සෙවනකුදු                 නැති
අය බොහෝ             වෙති

නෙතට නිදි                නැති
ලෙඩට ඔසු                නැති
හිතට සැප                  නැති
අය බොහෝ             වෙති

වෙසක්                එලබෙන
විට ඔවුන්                   ගැන
සොයන                  විමසන
පිරිස                    අඩු නැති


වෙසක්                   පසු වුන
පසු ඔවුන්                    ගැන
සොයන                   විමසන
කිසිවකුදු                     නැති

එය හොදින්                  දැන
උනට හැම                     දින
සෙත-සැපත                දෙන
අය නිවන්                    යති


මා ඉතා ප්‍රිය කරන මාහට බොහෝ උදව් කල සිරිල් මෑතිදුන්ගේ සිරිපොද පොතෙන් උපුට ගන්නා ලදි.............බොහොම අපුරුවට සමාජ යාතාර්තය කවියෙන් පෙන්නන ආකාරය ඉතා සිත් ගන්නා සුලු නොවේද................................

4 comments:

  1. සමාජය හරිහැටි තේරුම් ගන්නට නම්. තාප්ප බැමිවලින් වැලලුන සමාජයේ ඇත්ත තත්වය අපේ ඇසින්ම දැකිය යුතුමයි. සැප විදින මිනිසුන් කොපමණ සිටියත් අසරණකමින් වුවද තැලීපෙලී සිටින මිනිසුන්ට පිහිට ලැබෙන්නේ කොතරම් අහම්බෙන්ද? අපේ ජීවිතය ගැන සිතනවා මෙන්ම අන් අය ගැන සිතන්නටද අපිට හැකි වුවහොත් එය අන් හැම දේකටම පවා වටිනවා ඇත. මෙවන් කවි පෙලවල් අප හදවතට සමීපකරන ඔබට ජය.....
    තෙරුවන්සරණයි.
    (පොස්ට්වල අකුරු පුළුවන්නම් ටිකක් ලොකු කරන්න.)

    ReplyDelete
  2. ස්තුතියි මිතුර අදහස් දැක්විම පිලිබදව. ඉ ගාව ලිපියෙන් අකුරු හදා ගන්නම්.......

    ReplyDelete
  3. වෙසක් පසු වුන
    පසු ඔවුන් ගැන
    සොයන විමසන
    කිසිවකුදු නැති
    එච්චර විතරක් නෙවෙයි. වෙසක් දවසටත් සමහරවිට මොනව හරි නොලැබෙන අය කොයිතරන්ද? මෙන්න මේක කියවල බලන්නකෝ.
    http://menik-p.blogspot.com/2011/05/blog-post_26.html
    මැණික්

    ReplyDelete
  4. වෙසක් නොගෙන
    වෙසක් විඳින
    දවසක් එයිදෝ
    කෙදිනක ?

    ReplyDelete