රාගයෙන් ඈවිස්සු
ද්වේශයෙන් කෙලෙස්සු
මෝහයෙන් විලිස්සු
අපි තමා මිනිස්සු
දෙස රැකෙනු නොරිස්සු
බස දිලෙනු නොරිස්සු
රැස නැගෙනු නොරිස්සු
අපි තමා මිනිස්සු
නිති දියුනු සැලැස්සු
දරු පෙමින් සැනැස්සු
දෙගුරුන්ව කෙනිස්සු
අපි තම මිනිස්සු
ගුරුකුලය පිලිස්සු
පති කුලය නොරිස්සු
කුලමලය ඈවිස්සු
අපි තමා මිනිස්සු
තුනුරුවන නොරිස්සු
තුන් ලොවම හිනැස්සු
වෑනි කොටිද වලස්සු
අපි තමා මිනිස්සු
මා ඉතා ප්රිය කරන සිරිල් මෑතිදුන්ගෙ සිරිපොද පොතෙන් උපුටා ගන්නා ලදි.
සිතට දුක ඇතිකල
සිතට සතුටක් වන් කල
පාලුව දැනෙන කල
කවිය සිහියට නැගෙයි හැම කල
අන්තිම කවිය ගොඩක් ලස්සනයි. පාලුව දැනුනම තමයි ගොඩක් කවි ලියවෙන්නේ.
ReplyDeleteමැණික්
සත්තකින්ම හුගක් ලස්සනයි. සියළු යහපත හදවතින්ම පතන්නෙමි ඔබට. තෙරුවන්සරණයි.
ReplyDeleteජීවිතය වරද්දාගත් කෙනෙක් කියල කියන එක අරන් දාන්න. ඔබ එහෙම කෙනෙක් නෙවෙයිනේ.. අපි ඔක්කොම ජීවිතය වරද්දගත්ත මිනිස්සු තමයි.. එකයි සංසාරේ සැරිසරන්නේ. අර වික්ටර් රත්නායක මහත්තයාගේ ගීතයේ කියන්න වගේ අපි බුදුන් දකින්නත් ඇති එත් නිවන් දකින්න පින් මදි වෙන්න ඇති..
ReplyDelete